Skip links

අදින් දශක කිහිපයකට ඉහත මතකය සටහන් කරමින් ලියැවෙන මෙම වෙබ් තීරු ලිපි මාලාව එක්තරා අන්දමක පර්යේෂණ කාර්යයකි. 90 දශකයේ මැද භාගය වන තෙක් පමණ ලාංකේය ජන ජීවිතය ගෙවුණේ පරිගණක, ජංගම දුරකථන, අන්තර්ජාලය හෝ වෙනත් ඩිජිටල් තාක්ෂණික මෙවලම් නොතිබුණු හෝ අවම වශයෙන් භාවිත වූ, අද තරම් අධිපාරිභෝජනවාදයට නතු නොවූ වෙනස් මානයක ය.

90 දශකයෙන් පසු උපන් පරම්පරාවන්ට මුළුමනින් ආගන්තුක ඉතිහාසයක් බවට කෙදිනක හෝ පත් වන එම අතීතය විධිමත් හෝ අවිධිමත් මතක සටහන් ලෙස වෙබ් අවකාශයක් තුළට ගොනු කිරීම වැදගත් බව අපගේ අදහස ය. ‘විමර්ශී’ වෙබ් ශාස්ත්‍රීය සංග්‍රහයේ ‘එදවස මතක’ වෙබ් තීරු ලිපි එකතුව ඇරඹෙන්නේ ඒ ආකාරයට එදවස ලාංකේය ජන සමාජය නියෝජනය කළ විවිධ වෘත්තීන්, සේවාවන්, කලා සංස්කෘතික හෝ සමාජ දේශපාලන කටයුතුවල යෙදුණු අයගේ පෞද්ගලික හෝ වෘත්තීය මතක සටහන් සංරක්ෂණය කොට එය අනාගත පරම්පරාවේ විද්‍යාර්ථීන්ට තොරතුරු මූලාශ්‍ර ලෙස භාවිත කිරීමට අවස්ථාව සලසා දීමේ අරමුණ ඇතිව ය.

 

This website uses cookies to improve your web experience.